අපේ වැඩසටහන්

වාර්ෂිකව පවත්වන සර්වඥ ධාතු මහා පෙරහැර 

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනට පසුදා අලි ඇතුන් සමගින් නර්තන කණ්ඩායම් වල සහභාගිත්වයෙන් සංස්කෘතික අනන්‍යතාවය විදහා පාමින් වෙසක් ශ්‍රී සර්වඥ ධාතු මහා පෙරහැර සාර්ථකව පවත්වනු ලැබේ. මෙම අවුරුද්දෙත් 11 වන වරට පෙරහැර සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය කටයුතු පෙරහැර කමිටුව විසින් සූදානම් කරමින් සිටියි.

සෑම දිනකම ධාතු මන්දිරයේ පුද පූජා පැවැත්වීම 

ප්‍රදේශයේ සිටින සියලු බෞද්ධාගමිකයින් සංවිධානාත්මකව දිනපතා සවස 5 ට සර්වඥ ධාතු මන්දිරයට වතාවත් සිදුකරමින් පුද පූජා පවත්වනු ලැබේ.

බුද්ධඝෝස නාහිමි අධ්‍යාපන හා සමාජ ප්‍රතිකාර පදනම

බුද්ධඝෝෂ නාහිමි අධ්‍යාපනික හා සමාජ සත්කාර පදනම යටතේ සෑම වර්ෂයකම විවිධාකාර පිංකම් සඳහා දායක දායිකාවන් සහ සම්බන්ධ කර ගනිමින් සාර්ථකව පවත්වයි.

  • සෑම වර්ෂයකම ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබාදෙයි.
  • ස්වාභාවික ව්‍යසනයන්ගෙන් පීඩාවට පත් ගම්වාසීන් වෙනුවෙන් උදව් උපකාර කිරීම.
  • ලේ දන්දීමේ වැඩසටහන් හා වෛද්‍ය සායන පැවැත්වීම.
  • ස්වයං රැකියා සඳහා ආධාර උපකාර දී ලබාදීම.
  • මං මාවත් තැනීම.
  • පෙර පාසලක් පවත්වාගෙන යාම.
  • අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • බුද්ධඝෝෂ නාහිමියන් වෙනුවෙන් වාර්ෂික ගුණානුස්මරණ පිංකම් පැවැත්වීම.
ශීල භාවනා වැඩසටහන් 

සෑම මසකම පුරපසලොස්වක පොහෝ දිනකම ළමා, තරුණ, වැඩිහිටි පිරිස් සම්බන්ධ කරගනිමින් ශීල භාවනා වැඩසටහන්, සම්බුද්ධ පූජා බෝධි පූජා ආදී ආමිස පූජා පිංකම් සහිතව පැවැත්වෙයි.

ආසියාවේ විශාලතම බුදු පිළිම වහන්සේ ඉදිකිරීම 

දැනට ආසියාවේ තිබෙන විශාලතම හිටි පිළිම වහන්සේ අප විහාරස්ථානයේ ඉදි වෙමින් පවතී. මේ සඳහා සැදැහැතියෙන් ආගමික භේදයකින් තොරව විශාල දායකත්වයක් ලබා දී ඇත. එහි ඉතිරි වැඩකටයුතු කඩනමින් නිමකර 2024 වර්ෂයේ ලංකාවේ ලංකාවාසී ලෝකවාසී සියලු බෞද්ධයින් උදෙසා ශාසනයට දායාද කරදීම අපේ අරමුණයි. මේ සඳහා පින් කැමති දෙස් විදෙස් දායක දායිකාවන්ගෙ ආධාර උපකාර බලාපොරොත්තු වෙමි.

බුද්ධඝෝෂ ධර්ම විද්‍යාලය පවත්වාගෙන යෑම 

ප්‍රදේශයේ බෞද්ධාගමික දූ දරුවන් 300ට වැඩි ප්‍රමාණයක් උදෙසා ධර්මාචාර්යවරුන් 15 ගෙන් සමන්විත ඉරුදින ධර්ම විද්‍යාලය සාර්ථකව පවත්වාගෙන යනු ලැබේ. 

කඨින පිනංකම් 

1973 වර්ෂයේ සිට මේ දක්වා වසර 50ක කාලයක් අඛණ්ඩව වසරක් පාසා කඨින පිංකම් මාලාව පවත්වාගෙන යනු ලැබේ.